Monday, July 15, 2013


හෙද නිලධාරීන්ගේ සංගමය සංකේත වර්ජනයකට සූදානම්

ඒමන්ති මාරඹේ

හෙද සේවා ඉල්ලීම් 6 ක්‌ මුල්කර ගනිමින් තම සංගමය මෙම මස 17 වැනිදා (බදාදා) පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති නවදහසක්‌ පමණ වන හෙද නිලධාරීන්ට ශ්‍රේණිගත උසස්‌වීම් ලබා නොදීම, හෙද උපාධිය ලැබූවන් වසර දෙකක්‌ මුළුල්ලේ රාජ්‍ය හෙද සේවාවට බඳවා නොගැනීම වැටුප් විෂමතා නිවැරැදි නොකිරීම ඇතුළු හෙද සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමය කියයි.

මෙම සේවා ගැටලු සම්බන්ධයෙන් ජුනි 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කරන්නට කටයුතු නොකිරීම බලවත් ගැටලුවක්‌ බව හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

Saturday, July 13, 2013

  සංගම් භේදයෙන් තොරව හෙද අයතිවාසිකම් වෙනුවෙන් ඔබේ දායකත්වය දක්වන්න .ඔබගේ  දායකත්වය සේවාව ජයග්‍රහණය සඳහා වේ . දැන්  ඔබ ඉන්නා තත්වය සහ පෞ , සෞඛ්‍ය සේවාවන් හි  තත්වය  එම වාට්ටු වල හෙද නිලධාරීන්ට කතා කර දැනගන්න . ඔබගේ නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කරගන්න . ඔවුන් දිගින් දිගටම හෙද සේවාව ට  කෙනෙහිලිකම් කරන්නේ ඔබගේ නිහඬතාවය නිසාමය. 


කල යුත්තේ  කුමක්ද  ?    සැලසුම් කල පරිදි සියලු හෙද නිලධාරීන් හා යමින් ඔබද ජුලි 17 දින (බදාදා ) සේවයට වාර්තා නොකර  එ බව විදුලි පණිවිඩයකින් රෝහලට දන්වන්න . ඔබ ආයතනයේ මේ සම්බන්ධව යම් ගැටළුවක් වේ නම් පහත අංක වලින් අපගේ ප්‍රධාන කාර්යාලය අමතන්න .  සාමාජික  හා  නොවන සියලු දෙනාටම  මෙමගින්  තොරතුරු ලබා ගත හැක . 
071 808 14 18   ෂෙල්ටන්  ජයසිංහ මයා - හෙද නිලධාරී
 071 485 43 45 නාලක හෙට්ටි ආරච්චි

සියළු හෙද සංගම් වලට 17 වැඩවැරැමට ආරාධනා


Wednesday, July 3, 2013

පොලොන්නරුවේ ඩෙංගු මර්දනය ගැන දැනුවත් කිරීමේ පා ගමනක්


පොලොන්නරුවේ ඩෙංගු මර්දනය ගැන දැනුවත් කිරීමේ පා ගමනක් 

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කොට ඇති ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව පාසල් දරුවන් හා දෙමාපියන් ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරීම හා පෙළඹවීම අරමුණු කර ගත් පා ගමනක් අද (03) පෙරවරුවේ පොලොන්නරුව රාජකීය ජාතික පාසල විසින් පවත්වන ලදී.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජයවංශ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබූ මෙම පා ගමන සඳහා පාසල් සිසු සිසුවියන් 2000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියහ.
පොළොන්නරුව වන්දික