Monday, April 29, 2013


රජයේ ඔසුසල්
නොමැති ප්‍රදේශවල
රෝගීන්ට කැස්‌ස සිරප් ගැනීම ප්‍රශ්නයක්‌

කැස්‌සට හා සෙමට ලබාදෙන සිරප් වර්ග රජයේ ඔසුසල්වලින් පමණක්‌ රෝගීන්ට නිකුත් කිරීමට අවසර ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයේ ඔසුසල් නොමැති ප්‍රදේශවල රෝගීන්ට දැඩි අසාධාරණයක්‌ සිදුවන බව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්වත්හු පවසති.
සූතිකාගාරයේදී මවක කෙළෙසූ බවට සැක
2013 අපේ‍්‍රල් මස 29 16:10:38
( පාරුක් තාජුඞීන් )
දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද්‍යවරයකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා තුනක් යටතේ අද (29) නඩු පැවරිණි. ස..

CFL බල්බයකින් ජලය ගැලූම් 6,000ක් විස බවට පත් කරයි.

ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.

* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග‍්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප‍්‍රම...See More
— with Rajitha Jayan Kulathunga and Kamal Senarath.
මැලේරියා සහමුලින්ම තුරන්!

මැලේරියා සහමුලින්ම තුරන්!

April 24, 2013  11:10 am
Bookmark and Share
මෙරට තුළ වසංගත රෝගයක් ලෙස පැතිර ගිය මැලේරියා රෝගය ලබන වසර වන විට සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවරගෙන තිබේ.

2009 වසරේ දී ආරම්භ කළ මැලේරියා මර්ධන ව්‍යාපාරය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2000 වසර වන විට ලක්ෂ 02 ක ඉක්මවූ මැලේරියා රෝගීන් 2011 වසර වන විට 124 දක්වා අඩු කර ගැනිමට හැකිවී තිබේ.

එය අද වන විට තවදුරටත් පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

රෝග නිවාරණයට මදුරුවන්ගේ පැතිරීම විශේෂ සාධකයක් ලෙස බලපාන බැවින් ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම අමාත්‍යංශය පවසයි.
මසකට තෝරාගත් රෝහල් 2 ක් සෞඛ්‍ය ඇමති පිරික්සයි

මසකට තෝරාගත් රෝහල් 2 ක් සෞඛ්‍ය ඇමති පිරික්සයි

April 23, 2013  10:03 am
Bookmark and Share
දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ යටතේ මසකට රෝහල් දෙක බැගින් තෝරාගෙන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි නිරීක්ෂණ චාරිකාවල නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

දිවයින පුරා පිහිටි සියලුම රෝහල් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පෙර දැනුම්දීමකින් තොරව එම රෝහල් පරීක්ෂා කිරීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝගී සත්කාරක සේවා සිදුවන ආකාරය සහ රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලා සෑම රෝහලකම ප්‍රගතී සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පවත්වනු ලැබීය.
ඩෙංගු මර්දනයට දීපු සල්ලි හරියට පාවිච්චි කරලා නෑ
පසුගිය වසරේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ලබාදුන් මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව වාර්තා වේ.
දුම්රියේ ගැටී අයෙක් මරුට

දුම්රියේ ගැටී අයෙක් මරුට

April 29, 2013  09:20 am
Bookmark and Share
මඩකළපුව සිට කොළඹ ලබා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ 161 වන සැතපුම් කණුව ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

වයස අවුරුදු 45 ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු පිළිබද නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.