" වියපත්
වියෙහි පසුවන ඇය ,විශ්‍රාම ලද ,ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකි,නමින් වීනීතා රන්ජනී (83) ය. කොලඹ
07 ප්‍රෙදේශයේ ඉපිද ,හොදින් අධ්‍යාපනය ලබා කොලබ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත්ව වෛද්‍ය උපාධිය ලබාගෙන තම වෛද්‍ය සේවාව මහජනයාට ඉටු කරන්න පටන් ගත්තේය, ඉන් වෛද්‍ය වෘත්තිය ආරම්භ කල ඇ.එසේ තමන් ලගට පැමිණෙන රෝගීන්ට තම වැටුපෙන් පවා ප්‍රතිකාර සිදු කල වෛද්‍ය වරියකි.කාලයාගේ ඇවෙමෙන් 1980 වර්ෂයේදී වීනීතා රන්ජනී මහත්මිය ,ගිරාදුරුකෝට්ටේ ,දෙහිඅත්ත කණ්ඩිය සහ මහා වැලි සි හා ඩී කලාපවල රෝගී ජනතාව සුවපත් කරන්නට පැමිණ ඇත.ඒ ත්‍රස්ත වාදී කලබල පැවති කාලයකි.එසේ උවත් තම සේවය,රාජකාරිය අත් නොහැර රාජකාරිය දේව කාරියක් සේ සලකා තම වෛද්‍ය සේවාව අකුරටම ඉටුකරන ලද ආදර්ශමත් වෛද්‍යවරියකි.ඒ මන්ද සිංහල ,දෙමල ,මුස්ලිම් මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආදරය කරුණාව ,දයාව ,මෛත්‍රිය ,දැක් වූ වෛද්‍ය වරියක් නිසාය.දන්ත ශල්‍ය වෛද්‍ය වරයෙක් වූ තම සැමියාගේ අභාවයෙන් පසු ,කාත් කවූරුත් නැතිව තනිව සිටි ඇය මේ දක්වා ජීවත් වූ යේ. .ශ්‍රී ලංකා මහා වැලි අධිකාරියට අයත් ,අබලන් ගොඩ නෙගිල්ලක් තුලය.ඇ හට කාත් කවූරුත් නැති වුවද ලග තනියට සිටියේ සුරතලයට ඇති කරපු බල්ලෝ බළලුන් යාළුවන් බව එහි ගිය අපට දැක ගත හැකි විය.එයද පුදුමයට කරුණක් වනුයේ තම දරුවන් මෙන් රැක බලාගන්නා ඒම සතුන්ද ඇයගේ තුරුලේ කල් ගත කිරීමය.අප මේ බව මාධ්‍ය මගින් අනාවරණය කීරීමෙන් අනතුරුව වීනීතා රන්ජනී මහත්මිය වෙත නව නිවසක් ලබා දීමට ,ජාතික නිවාස සංවර්ධන අධි කාරිය පියවර ගත්තේය. මේ අනුව අරලගන්විල කජු වත්ත ප්‍රෙදේශයේ ඉදිකරන ලද නව නිවාස අද ( 26 ) සෞක්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම වෛද්‍ය වරිය වෙත ප්‍රධානය කරනු ලැබීය.ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මග පෙන්වීම යටතේ ක්රීයාත්මක "ජන සෙවන" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩ සටහනේ සෙවන අරමුදලින් මෙම නව නිවස ඉදි කර ඇති අතර .මේ සදහා රුපියල් ලක්ෂ නවයක මුදලක් වැය කොට ඇතශ්රී ලංකා මහවැලි අධි කාරිය ,ශ්‍රී ලංකා යුධ හමුදාව (දෙහි අත්තකණ්ඩිය )කොලඹ
7 කාන්තා විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයට අනුබද්ධ එල් සි කෙයාර් සංවිධානය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්වයද මේ සදහා හිමිවිය. එහි අවස්ථා කීපයක් මෙහි දැක්වේ..............සටහන හා පින්තුර රොෂාන් තුෂාර විසින්ය...........
No comments:
Post a Comment