[සජිත් තරංග/තරංග රුක්ෂාන් ජයසේකර ]
හෙද
නිලධාරීන්ට සූතිකා පුහුණුව ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි මතභේදාත්මක
තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, අදාළ පුහුණුව ලබානොදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන
ඇති තීරණයට විරෝධය පළ කරමින් හෙද වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට
තීරණය කිරීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා
කියා සිටියේ පවුල් සෞඛ්‍ය නිලධාරීන් සූතිකා පුහුණුවෙන් ඉවත් කිරීමට හෝ හෙද
අභ්‍යාස විද්‍යාලවලින් පිටවන සෑම හෙදියකටම සූතිකා පුහුණුව ලබාදීම සඳහා
කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවයි.
එම
තීරණයට විරෝධය පළ කරමින් අද දහවල් දීපව්‍යාප්ත උද්ඝෝෂණයක නිරත වන බවයි රජයේ
හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ.
කෙසේවෙතත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සූතිකා පුහුණුව කිසි ලෙසකින් හෝ
හෙද නිලධාරීන් පැවරිය යුතු කාර්යයක් නොවන බවයි. එවැන්නකින් සිදුවන්නේ හෙද
සේවයේ ගුණාත්මක භාවය ද පහළ යාමක් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය
නවීන් ද සොයිසා මහතා පැවසුවා.
එහෙත්
සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ සූතිකා පුහුණුව ජනවාරි මස 27 වෙනිදා
ආරම්භ නොකළහොත් 28 වෙනිදා සිට දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනයක නිරත
වන බවයි.
No comments:
Post a Comment