Friday, January 17, 2014

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට එරෙහිව හෙදියන් සටනට


 


2014-01-17

[සජිත් තරංග/තරංග රුක්ෂාන් ජයසේකර ]

හෙද නිලධාරීන්ට සූතිකා පුහුණුව ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, අදාළ පුහුණුව ලබානොදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හෙද වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කියා සිටියේ පවුල් සෞඛ්‍ය නිලධාරීන් සූතිකා පුහුණුවෙන් ඉවත් කිරීමට හෝ හෙද අභ්‍යාස විද්‍යාලවලින් පිටවන සෑම හෙදියකටම සූතිකා පුහුණුව ලබාදීම සඳහා කිසිදු ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවයි. 
එම තීරණයට විරෝධය පළ කරමින් අද දහවල් දීපව්‍යාප්ත උද්ඝෝෂණයක නිරත වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සූතිකා පුහුණුව කිසි ලෙසකින් හෝ හෙද නිලධාරීන් පැවරිය යුතු කාර්යයක් නොවන බවයි. එවැන්නකින් සිදුවන්නේ හෙද සේවයේ ගුණාත්මක භාවය ද පහළ යාමක් බව එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවා. 
එහෙත් සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ සූතිකා පුහුණුව ජනවාරි මස 27 වෙනිදා ආරම්භ නොකළහොත් 28 වෙනිදා සිට දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනයක නිරත වන බවයි. 
 

පොළොන්නරැවේ හෙද නිළධාරීන් උද්ඝෝෂණයක










සූතිකා පුහුණුව අවලංගු කරන්නට හා සූතිකාගාරවලින් හෙද නිළධාරීන් ඉවත් කරන්නට පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා වෛද්‍ය සංගමය සිදුකරන බලපෑම පරාජය කිරීම මූලික කරගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්අද(!7) දින දිවයින පුරා ප්‍රධාන රෝහල් වල ඉදිරිපිට පැවත්වූයේ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙනි.
පොළොන්නරැව මහ රෝහලේ හෙද හෙදිනිළධාරීන්ද සංගම් භේදය නොතකා එකාවන්ව රෝහල ඉදිරිපිට මධ්‍යාහ්න 12 සිට පස්වරැ 1.00 දක්වා කාලයේ උද්ඝෝෂණයේ නිරත විය. එහි පධාන අවස්ථා කිහිපයක් ඉහත දැක්වේ.

Tuesday, January 14, 2014

වෛද්‍ය සංගමය කරන වැඩේ හරිද? sirasa news 2014 01 14 10pm

වෛද්‍ය සංගමය කරන වැඩේ හරිද? sirasa news 2014 01 14 10pm

මාස 6ක සූතිකාගාර පුහුණුව බලධාරීන් විසින් අවලංගු කිරීම පිළිබදව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විරෝධය

මාස 6ක සූතිකාගාර පුහුණුව බලධාරීන් විසින් අවලංගු කිරීම පිළිබදව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විරෝධය



හෙද ඩිල්ලෝමාව හදාරා පත්වීම් ලැබීමට නියමිත හෙද නිලධාරීන්ට ලබාදී තිබූ මාස 6ක සූතිකාගාර පුහුණුව බලධාරීන් විසින් අවලංගු කිරීම පිළිබදව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. මේ, කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළේ හෙද නිලධාරීන්ට ලබාදෙන සූතිකාගාර පුහුණුවට විරුද්ධ වන්නේ මන්ද යන්නයි.

සූතිකා පුහුනුව හෙදියන්ට ලබා නොදී සිටිය හැකිද?


Wednesday, January 8, 2014

: හෙද- පරිපූරක- අතුරු වෛද්‍ය පා ගමන සහ සත්‍යග්‍රහය

 හෙද- පරිපූරක- අතුරු වෛද්‍ය පා ගමන සහ සත්‍යග්‍රහය

හෙද පරිපුරක සේවයේ ඉල්ලීම් ඉල්ලා උද්ඝොෂණයේ

හෙද පරිපුරක සේවයේ ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙෂ ඉල්ලා ඊයේ (08) කොළඹ දී සෞඛ්‍ය සේවකයින් විසින් දැවැන්ත විරෝධතා පා ගමනක නියැලුනා.

එම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ රාජකාරි බාධා හා ප‍්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රු,10.000/ - දීමනාවක් ලබා ගැනිම, පැයක අවම අතිකාල දීමනාව රු: 200 ක් වන ලෙස වැඩි කිරිම, පලමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ට රු 4000/- ක සන්නිවේදන දීමනාවක් ලබා ගැනිම, රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 07/2008 න් තාක්ෂණ සේවයේ වැටුප් ක‍්‍රමය සංශෝධනය විමෙන් හෙද නිලධාරින්ට බලපා ඇති වැටුප් විෂමතා වහා නිවැරදි කිරිම,

1994.07.01 දින සිට සෞඛ්‍ය සේවාවේ සමහර සේවාවන්ට ලබාදුන් පරිදි 1 ශ්‍රේණියේ නිර්බාධක උසස්විම්, වසර 9 කින් හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන් වලට ලබාදිම, පලමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින්ට තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ලබාදිම යන ඉල්ලිම්ය.

වෘත්තිය පාගමන සහ සත්‍යග්‍රහය අද ( 08 )


ෘත්තිය පාගමන සහ සත්‍යග්‍රහය  අද  ( 08 )    
ආරම්භය : NHSL ඉදිරිපිටින් පෙ ව 11 am

 
                        හෙද පරිපුරක සහ අතුරු වෛද්‍ය  යන වෘත්තිකයන්ගේ   අතිශය සාධාරණ ඉල්ලීම් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය  යහපත් සාධාරණ විසදුම් ලබා නොදීම නිසා  අමාත්‍යාංශය ඉදිරිපිට දෑවැන්ත පාගමනක් සහ  සත්‍යග්‍රහයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සූදානම්කර ඇත . ලංකාවේ සෞඛ්‍ය සේවය ලෝකයේ සෞඛ්‍ය ඉහල දර්ශක වල පවත්වා ගැනීමට වැඩි  දායකත්වයක් දක්වන හෙද පරිපුරක සහ අතුරු වෛදය කණ්ඩායම් අවතක්සේරු කිරීමේ අධම ක්‍රියාදාමය වහා හකුලාගෙන , සාධාරණ ඉල්ලීම් වහා ලබාදෙන ලෙස මෙයින් බලකර සිටී . 



Professional "March" and "picket" will be started at in front of NHSL
Time - 11am
protest compaign venue-  in front of health ministry