Monday, June 24, 2013

සරසවි අංශාධිපතිනියට තුවාල කළ නීති සිසුවා අංගොඩ මානසික රෝහලට



මව්බිම දැන්

සරසවි අංශාධිපතිනියට තුවාල කළ නීති සිසුවා අංගොඩ මානසික රෝහලට
සඳුනි දේශප්‍රිය

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනිය වන යශෝධරා කදිරගාමර් තම්බි මහත්මිය ආයුධයකින් කපා තුවාල සිදුකළ සැකකරු ඊයේ (24 දා) අංගොඩ මානසික රෝහලට යැවූ බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මොහන්දිරම්ගේ මහතා කීය.

කදිරගාමර් තම්බි මහත්මියව ආයුධයකින් කපා තුවාල සිදුකළ බව කියන සැකකරු නිදි පෙති වැනි දෙයක් පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කොට තිබිණි. සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා එම රෝහල වෙත යැවූ බවත් මේ වන විට සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් වැඩිදුරටත් අධ්‍යක්ෂවරයා සඳහන් කෙළේය.

තුවාල ලැබූ අංශාධිපතිනියද මේවන විට දැඩි සත්කාර ඒකකයේ සිට වාට්ටුවකට යොමුකර ඇති අතර, දැඩි ලෙස කැපුම් තුවාල සිදුවීම හේතුවෙන් එම තුවාලවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හෙයින් රෝහලෙන් පිටව යෑම ප්‍රමාද විය හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

2013 කාර්යක්ෂමතා විභාගය


පොළොන්නරැව රෝහල් හෙද හෙදියෝ උද්ඝෝෂණයක


පොළොන්නරැව මහ රෝහල් හෙද හෙදියෝ  උද්ඝෝෂණයක

වෘත්තීමය ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනීම සඳහා  රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මගින් දීප ව්‍යාප්තව මධ්‍යහ්න 12 සිට පස්වරැ 1.00 දක්වා සංවිධානය කරන ලද විරෝධතා උද්ඝෝෂණයට පොළොන්නරැව මහ රෝහලේ හෙද හෙදියෝද එක්වූහ.
මෙය සංවිධානය කර තිබුනේ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ පොළොන්නරැව මහ රෝහල් ශාඛාව මගිනි.
මාධ්‍යයට අදහස් දැක්වූ ශාඛා සභාපති  ඒ.සී. ලියනගේ මහතා , පැරණි ව්‍යවස්ථාව අනුව වසර 5කින් 11ඒ හා වසර 17 කින් 1 ශ්‍රේණියේ උසස්වීම් දිනා ගැනීම, අනතුරැ දීමනාව සියළු හෙද නිළධාරීන් හට දිනා ගැනීම, දින 5 සතිය සේවාවට දිනා ගැනීම.,හෙද  උපාධිධාරීන් වහාම සේවාවට බඳවා ගැනීම , බඳවාගැනීම පළාත්සභා වලට පැවරෑ 1779   ගැසට් පත්‍රය අවලංගු  කර ගැනීම. ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගෙන අද පවත්වන උද්ඝෝෂණයට සංගම් බේදයකින් තොරව හෙද හෙදියෝ සහභාගීවූ බව ප්‍රකාශ කළේය.
මේ උද්ඝෝෂණයට හෙද හෙදියෝ 100 ක් පමණ සහභාගී වී සිටියහ.

උතුම් පොසොන් පුර පසළොස්වක පෝදා


පපුව විවෘත නොකර සිදු කරන නවීන බයිපාස් සැත්කමක්