Showing posts with label සිංහ පාදය seegiriya. Show all posts
Showing posts with label සිංහ පාදය seegiriya. Show all posts

Sunday, March 17, 2013

seegiriya




සිංහ පාදය සුද්ධ කරන්න කොළඹින් යති
2013 මාර්තු මස 17 12:22:24 | කාංචන කුමාර ආරියදාස

ගල් හා ගඩොල් කෑලි වලින් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑ අකුරු ඉවත් කිරීම සඳහා සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් සීගිරියට අද පැමිණි බව එහි ප්‍රකාශකයෙක් කියයි.
අද සිට සීගිරියේ ස්ථාන කිහිපයක විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද යොදා ඇත.
 දෙමළ අකුරු ලියූ මස්කෙළි සිසුන් තිදෙනා අවවාද කර මුදා හළ බව පොලීසිය කියයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධරයන් මේ සිද්ධිය පොලීසියට දැනුම් දී ඇතත් පොලිසියේ පැමිණිල්ලක් කර නැති බව දැනගන්නට ඇත.
එසේ කරන්නට ඇත්තේ සිසුන් හිතාමතා එවැන්නක් නොකළාය යන පදනමේ සිට බව දැනගන්නට ඇත. එහෙත් පැය භාගයක් පමණ ඔවුන් ගල් හා ගඩොල් සොයාගෙන ලෝක උරුමයක  ඔවුන්ගේ නම් ගම් ආදිය ලියා වනසද්දී ඔවුන් සමග සිටි ගුරුවරුන් කුමක් කළේද යන්න ප්‍රශ්නයක් බව නිලධරයෝ කියති.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූවේ ලංකාදීපයෙන් දුටු ගමන් තමා කම්පාවට පත් වූ බවයි. මේ ගැන විෂය භාර ඇමැතිට පෞද්ගලිකව කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළ බවයි.