Showing posts with label වකුගඩු රෝගය උග‍්‍ර වන ලකුණු.. Show all posts
Showing posts with label වකුගඩු රෝගය උග‍්‍ර වන ලකුණු.. Show all posts

Monday, March 18, 2013

වකුගඩු රෝගය උග‍්‍ර වන ලකුණු.

වකුගඩු රෝගය උග‍්‍ර වන ලකුණු.
2013 මාර්තු 17 ඉරිදා-
උතුරුමැද පළාතෙන් වැඩි වශයෙන් වාර්තා වන වකුගඩු රෝගී තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම සමාජයේ ද දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. 2007 වසරෙන් පසු උතුරුමැද පළාතෙන් වකුගඩු රෝගීන් 14,000 ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. උතුරුමැද පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැදවච්චිය, පදවිය සහ කැබිතිගොල්ලෑව ප‍්‍රදේශවලින්. කෙසේ වෙතත්, වකුගඩු ව්‍යවසනයෙන් ජීවිත මුදවා ගැනීමේ ජනතා ව්‍යාපාරය අද (17* පෙරවරුවේ පදවිය රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුණේ වකුගඩු රෝගීන් වැඩි වශයෙන් පැමිණෙන පදවිය රෝහලට සමාජ සේවා ආයතනයක් විසින් ලබාදුන් රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 4ම මේ දක්වා භාවිතයට නොගැනීමට විරෝධය පළ කරමින්. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති, පූජ්‍ය අගුනොච්චියේ කුමාර කස්සප හිමියන් කියා සිටියේ මෙම රුධිර කාන්දුකරන යන්ත‍්‍ර භාවිතයට නොගැනීම නිසා ප‍්‍රදේශයේ වකුගඩු රෝගීන්ට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කර අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යාමට සිදුව ඇති බවයි.