Showing posts with label කොළඹ. Show all posts
Showing posts with label කොළඹ. Show all posts

Tuesday, March 19, 2013

කොළඹ, කටුනායක සිට මත්තලට සුඛෝපභෝගී බස්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත කොළඹ සහ කටුනායක සිට ශී‍්‍ර ලංගම බස් සේවා 19 සිට ක‍්‍රියාත්මක වේ. කොළඹ කොටුව ශ‍්‍රීලංගම ප‍්‍රධාන බස් නැවතුම්පොලේ සිට අධිවේගී මාර්ගය හරහා ගුවන්තොටුපළ දක්වා දිනකට බස් රථ 5ක් ලෙස බස් සේවා 10ක් ක‍්‍රියාත්මක ය. කොළඹ කොටුවෙන් අලූයම 5ට ඇරැඹෙන මෙම සේවාව සෑම විනාඩි 90කට වරක්ම ක‍්‍රියාත්මක ය. සුඛෝපබෝගී බස් සේවාව සඳහා අයකෙරෙන මුදල රු. 1175කි.

මේ අතර කටුනායක -මත්තල  බස් රථ සේවාව සෑම දිනකම උදෑසන 9.30ට ඇරැඹෙන අතර එය පස්වරු 5.30 දක්වා ක‍්‍රියාත්මක වේ. මත්තලින් උදෑසන 9.30ට ආරම්භ වන බස් සේවාව පස්වරු 5.30 දක්වා ක‍්‍රියාත්මක ය. ඒ සඳහා අයකෙරෙන ගාස්තුව රු. 660කි.