අද පුවත්පතින් ( නරේන්
විශ්වජිත් ) 2014-02-24
22:23:09
පෝලියෝ ස්වරූපය
ගත් අලුත් රෝගයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු වෛද්‍යවරු අනතුරු ඇඟවීමක් කර ඇති බවත්, මෙම රෝගය වැළඳුණු රෝගීන් 20 දෙනෙකු පමණ මේ වනවිට කැලිෆෝනියාවෙන්
වාර්තා වන බවත් බී.බී.සී.ය පවසයි.
ඇමෙරිකානු
ස්නායු වෛද්‍ය ඇකඩමියේ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබුනේ මෙම රෝගය වැළඳුණු
ඇතැම් රෝගීන්ගේ අත්පා ක්‍රියාකාරීත්වය නැති වී ඔවුන් අංශභාග තත්ත්වයට පත්ව
ඇති බව හා ඔවුන් සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වූ බවයි.
පෝලියෝ යනු
භයානක රෝගයක් වන අතර, එය ළමා විය
අඳුරු කරන රෝගයක් බව බී.බී.සී.ය
පෙන්වා දෙයි. පෝලියෝ වෛරසය ඉතා වේගයෙන් ස්නායු පද්ධතිය ආක්‍රමණය කරන අතර, සිද්ධීන් 200කින් එක් සිද්ධියක් අංශභාග තත්ත්වයට
පත් කරන බවද පෙන්වා දෙයි.
පෝලියෝ මාරාන්තික විය හැක්කේ, වෛරසය මගින්
පෙනහලු ක්‍රියාකාරීත්වය
අක්‍රිය කළහොත්ය.
ඇමෙරිකා එක්සත්
ජනපදය මේ වනවිට සැලකෙන්නේ පෝලියෝ රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් ලෙසින් බවත්, පෝලියෝ යනු මේ වනවිට දුර්ලභ රෝගයක්
බවත් බී.බී.සී.ය පෙන්වා දෙයි.
ගෝලීය එන්නත්
කිරීමේ වැඩසටහන් පෙන්වා දෙන පරිදි මේ වනවිට පෝලියෝ පවතින රටවල් ලෙස සැලකෙන්නේ ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව හා පාකිස්තානයයි.
පසුගිය මාස 18ක කාලය තුළ ඇමෙරිකාවෙන් වාර්තා වන මේ
අලුත් රෝගය සම්බන්ධ සිදුවීම් 20ක් මේ වනවිට වාර්තා වන අතර, ඉන් බොහෝ පිරිසක් කුඩා දරුවන් බවද පැවසෙයි.
මෙහිදී
සිදුවීම් පහක් දැඩි විශ්ලේෂණයකට ලක් කිරීමේදී මෙම නවතම වෛරසය පෝලියෝ
ස්වරූපයේ වෛරසයක් බව හඳුනාගෙන ඇති බව බී.බී.සී.ය පවසයි. එමෙන්ම, මේ සියලු දරුවන් මීට පෙර පෝලියෝ එන්නත්
ලබාගත් දරුවන් බවද කියැවෙයි. අතක් අක්‍රීය වීමක සිට අත් පා සියල්ලම දරුණු ලෙස දුර්වල වීමක්
දක්වා මෙහිදී රෝග ලක්ෂණ පෙන්වන
බවද වෛද්‍යවරු පවන්නේ යැයි බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
පෝලියේ ස්වරූපයේ අලුත් රෝගයක් වාර්තාවේ
( නරේන් විශ්වජිත් ) 2014-02-24 22:23:09
Comments - 0 Views - 69
පෝලියෝ ස්වරූපය ගත් අලුත් රෝගයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු වෛද්‍යවරු අනතුරු
ඇඟවීමක් කර ඇති බවත්, මෙම රෝගය වැළඳුණු රෝගීන් 20 දෙනෙකු පමණ මේ වනවිට
කැලිෆෝනියාවෙන් වාර්තා වන බවත් බී.බී.සී.ය පවසයි.
ඇමෙරිකානු ස්නායු වෛද්‍ය ඇකඩමියේ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබුනේ මෙම
රෝගය වැළඳුණු ඇතැම් රෝගීන්ගේ අත්පා ක්‍රියාකාරීත්වය නැති වී ඔවුන් අංශභාග
තත්ත්වයට පත්ව ඇති බව හා ඔවුන් සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වූ
බවයි.
පෝලියෝ යනු භයානක රෝගයක් වන අතර, එය ළමා විය අඳුරු කරන රෝගයක් බව
බී.බී.සී.ය පෙන්වා දෙයි. පෝලියෝ වෛරසය ඉතා වේගයෙන් ස්නායු පද්ධතිය ආක්‍රමණය
කරන අතර, සිද්ධීන් 200කින් එක් සිද්ධියක් අංශභාග තත්ත්වයට පත් කරන බවද
පෙන්වා දෙයි. පෝලියෝ මාරාන්තික විය හැක්කේ, වෛරසය මගින් පෙනහලු
ක්‍රියාකාරීත්වය අක්‍රිය කළහොත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සැලකෙන්නේ පෝලියෝ රෝගය සම්පූර්ණයෙන් තුරන්
කළ රටක් ලෙසින් බවත්, පෝලියෝ යනු මේ වනවිට දුර්ලභ රෝගයක් බවත් බී.බී.සී.ය
පෙන්වා දෙයි.
ගෝලීය එන්නත් කිරීමේ වැඩසටහන් පෙන්වා දෙන පරිදි මේ වනවිට පෝලියෝ පවතින
රටවල් ලෙස සැලකෙන්නේ ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව හා පාකිස්තානයයි.
පසුගිය මාස 18ක කාලය තුළ ඇමෙරිකාවෙන් වාර්තා වන මේ අලුත් රෝගය සම්බන්ධ
සිදුවීම් 20ක් මේ වනවිට වාර්තා වන අතර, ඉන් බොහෝ පිරිසක් කුඩා දරුවන් බවද
පැවසෙයි.
මෙහිදී සිදුවීම් පහක් දැඩි විශ්ලේෂණයකට ලක් කිරීමේදී මෙම නවතම වෛරසය
පෝලියෝ ස්වරූපයේ වෛරසයක් බව හඳුනාගෙන ඇති බව බී.බී.සී.ය පවසයි. එමෙන්ම, මේ
සියලු දරුවන් මීට පෙර පෝලියෝ එන්නත් ලබාගත් දරුවන් බවද කියැවෙයි. අතක්
අක්‍රීය වීමක සිට අත් පා සියල්ලම දරුණු ලෙස දුර්වල වීමක් දක්වා මෙහිදී රෝග
ලක්ෂණ පෙන්වන බවද වෛද්‍යවරු පවන්නේ යැයි බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
- See more at:
http://ada.lk/article/6322/%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A#sthash.Xww8bkne.dpuf