දිනපතා ඇට වර්ග ආහාරයට ගැනිමෙන් හෘදයාබාධ අවදානම තුන් ගුණයකින් අඩු වෙයි

සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතරආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනිරෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17කින් පමණ දඅඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලදපර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කරගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.
චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.
එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහපිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයටගැනීම හේතුවන බවයි.
No comments:
Post a Comment