
පොළොන්නරැව රෝහලේ රාත්‍රි කාලයේ සේවයේ යෙදීමට ප්‍රමාණවත් පරිදි හෙදියන් රාජකාරියට වාර්තා නොවීය. මේ හේතුවෙන් රෝහල් වෛද්‍ය අධිකාරීවරයාට වර්ජිත හෙද කණ්ඩායමේ හදිසි ප්‍රතිකාර සේවාවේ සහායද ලබා ගැනීමට සිදු විය.
බාහිර රෝගී අංශයේද
සායන වලද ඹෟෂධ වේදීන් අසනීප නිවාඩු වාර්තා කර ඇති හේතුවෙන් කිසිදු ඹෟෂධයක් නිකුත්
කෙරැනේ නැත. ඒවෙනුවට රාජ්‍ය ඔසුහල මගින් රෝගීන්ට නොමිලයේ බෙහෙත් නිකුත් කිරීමට
පටන් ගැනීම සමග පොළොන්නරැව මඩකලපුව මාර්ගයේ මධ්‍යහ්නයේ දිගු පෝලිම් දැකිය හැකි
විය.එහිදී අපට මුණ ගැසුනු අරලගංවිල සිට පැමිණි අයිරාංගනී මාසල් ගෙදර නම් මවත් කුඩා
දරැවකු වත්තන් කර ගෙන ලක් පුවත් වෙත මෙසේ
පැවසීය.
“මෙතෙන්ට
ඇවිල්ල පෝලිමේ දැන් පැයක් විතර අවුවේ හිට ගෙන ඉන්නවා. තාම ඔසුහල ළඟට කිට්ටු කරලත් නෑ.
දරැවත් අමාරැවෙන් ඉන්නේ. වර්ජන කරන්නත් ඕන තමයි.අපි අමාරැවෙ වැටෙන්න නොදී රජය ඒ අය
ගැනත් බලන්න ඕනෑ. උදේ පහට ගෙදරින් ආපු ගමන් දැන් දොළහටත් කිට්ටුයි.“
මැදිරිගිරිය
මූලික රෝහලේ ද වර්ජනය හේතුවෙන් 99% ක් රෝහල් කටයුතු අඩාලව පැවතුනි. එහිද හදිසි ප්‍රතිකාර
කණ්ඩායම් සේවය ලබා දෙනු අපට දැක ගත හැකි විය.

No comments:
Post a Comment