කුණු බාල්දිවලට බෙහෙත් විසි කිරීම
කුණු බාල්දිවලට බෙහෙත් විසි කිරීම
පිළිකා
රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 17 ක් මහරගම පිළිකා රෝහලේ නොමැති බව
අනාවරණය වුණේ 10 වැනිදා පාර්ලිමේන්තුවේදීය. ඒ වගේම අයඩීන් පරීක්ෂණ සඳහා එම
රෝගීන් පොරොත්තු ලේඛනයේ 2016 මාර්තු දක්වා පසුවන බව වැඩිදුරටත් හෙළිදරව්
විය.මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරයි.



සෞඛ්‍ය
අමාත්‍යාංශය තිබෙන්නේ පිළිකාව වෙනුවෙන් පමණක් නොවන බව අප දනිමු. නමුත්
රෝගීන්ට බේත් නැතැයි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් රටට අනාවරණය
කරන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන් ඒ ගැන සොයා බැලුවේ නැද්දැයි අප
තුළ ඇති වන්නේ කුතුහලයකි.
රටේ බොහෝ රෝහල්වල රෝගීන්ට අත්‍යාවශ්‍ය බේත් ද්‍රව්‍ය නැත. අවශ්‍ය
රසායනික, තාක්ෂණික හා විද්‍යුත් පරික්ෂණ හා සැත්කම් සිදුකර ගන්න මාස ගණනන්
පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදු වෙයි. සමහර ප්‍රතිකාර ලබා ගන්නට අවුරුදු
ගණනක් බලා සිටින්නට රෝගීන්ට සිදු වී තිබේ. එසේ සිදු වී ඇත්තේ ඇයි? ඊට අවංක
පිළිතුරක් දෙන්නට කිසිම වගකිවයුත්තෙක් ඉදිරිපත් නොවන බව අප දනිමු.
පිළිකා රෝහලේ රෝගීන්ට අවශ්‍ය බේත් ද්‍රව්‍ය 17 ක් නැති බව දයාසිරි ජයසේකර
මන්ත්‍රීවරයා පවසා සිටියදී ඊට වගකිවයුතු එක් පුද්ගලයෙක් වන සෞඛ්‍ය නියෝජ්‍ය
ඇමැති ලලිත් දිසානායක පවසන්නේ පිළිකා රෝහලේ ඖෂධ හිඟයක් නැති බවත්, ඖෂධ
සැපයීමේ යම් ප්‍රමාදයක් සිදු වී තිබෙන බවත්ය.
රෝගීන්ට
අත්‍යාවශ්‍ය බේත් වර්ග රෝහලේ නැති වීමෙන් සිදුවන්නේ මරණය ඉක්මන් වීමයි.
ඒවා ප්‍රමාද වීම මරණය අකුරටම ක්‍රියාත්මක වීමට හේතුවකි.
නියෝජ්‍ය
ඇමැතිවරයා විසින් ලබා දුන් ඉහත පිළිතුරු දෙකම යුක්ති සහගත නොවේ. එවැනි
උත්තර ලබා දෙන්නට මේ රටට ඇමැතිවරුන් අවශ්‍ය නොකෙරේ. රටට අවශ්‍ය වන්නේ
සංවිධානාත්මක මොහෙයුම් ක්‍රියාත්මක කළ හැකි බුද්ධිමත් ඇමැතිවරුන්ය.

අද
විපක්ෂයේ සිටින බොහෝ දෙනා ද එදා ආණ්ඩු පක්ෂයේ සිටියදී උත්තර දුන්නේ මේ
විදිහටමය. විපක්ෂයේ ප්‍රශ්න හැමදාමත් ආණ්ඩු පක්ෂය විසින් සැමුවෙල්,
බර්ටිලාගේ විනෝද සමයකට හරවා ගනිති. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්නවලට කවදාවත් නිසි
පිළිතුරක් නැත.

බේත්
පෙති වර්ග කිහිපයක් පානය කළ පසු රෝගය සුව විණැයි රෝගීන් කල්පනා කිරීම මීට
හේතුවයි. එහෙත් වෛද්‍යවරයා විසින් ලබා දී තිබෙන්නේ බේත් වේල් (Dose)
ප්‍රමාණයකි. නියමිත පරිදි බේත් වේල් ප්‍රමාණය නොගැනීම නිසා ඉතිරි බේත්
වර්ග සියල්ල වැටෙන්නේ කුණු බාල්දියට ය. එසේ විනාශ වන්නේ රටේ ජාතික ධනයයි.

No comments:
Post a Comment