Thursday, March 27, 2014

පොළොන්නරුව මහ රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක


පොළොන්නරුව මහ රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වෙයි.
රෝහලේ සුතිකාගාර පුහුණුවේ නිරතව සිටි හෙද නිළධාරිණියට පහරදුන් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය එම ඒකකයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වර්ජනය ක‍්‍රියාත්මක බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ පොළොන්නරුව මහ රෝහලේ ශාඛා සභාපති චන්දික ලියනගේ මහතා සදහන් කළේය.

පොළොන්නරුව රෝහලේ හෙද නිළධාරිණියකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියකගෙන් ප‍්‍රහාරයක්.


පොළොන්නරුව රෝහලේ හෙද නිළධාරිණියකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියකගෙන් ප‍්‍රහාරයක්.
පොළොන්නරුව මහ රෝහලේ සූතිකාගාරය තුළ දී පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියක විසින් සූතිකා පුහුණුවේ නියුතු වූ හෙද නිළධාරිණියකට පහර දී ඇතැයි වාර්තා වෙයි.

එයට විරෝධය පළ කරමින් රෝහලේ හෙද නිළධාරීන් සූතිකාර ඒකකයේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
අප වෙත අදහස් දැක් වූ හෙද නිළධාරිණියක ස`දහන් කළේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් දෙදෙනෙකු විසින් මෙලෙස අඛණ්ඩව හෙද නිළධාරීන්ට බලපෑම් එල්ල කරන බවයි.
ඒ පිළිබද බළධාරීන්ට දැනුම් දුන්න ද ඵලක් නොවන බව එම නිළධාරිණිය සදහන් කළාය.